ඇසුවිට හිත් රිදුනත් ඔබ ගැන ඇත්ත කියන අයගේ උපදෙස් පතන්න.
ඔබේ දියුනුව ප්‍රසංසාවලින් පමණක් නොලැබෙයි.
ඔබ සාර්ථක පුද්ගලයෙක්ද?.ඒ බව දැන ගන්නට මෙම ලක්ෂණ ඔබ වෙත තිබේදැයි බලන්න.
- ඔබට ස්ථිර වූ නිතර වෙනස් නොවන ප්‍රධාන අරමුනක් තිබ්ය යුතුය.
- ඔබට ආත්ම විශ්වාසය තිබිය යුතුය. එනම් ඒ අරමුන ඉෂ්ඨ කර ගැනීමට නොසැලෙන ගුණය.ආත්ම විශ්වාසය ගැන මා වෙනම තවත් ලියන්නම්.
- ඉතිරි කිරීමේ පුරුද්ද?. මෙහිදී විශේෂයෙන් ඔබ උපයන දෙයින් ඔබ සදහා කොපමණ මුදලක් ඉතිරි කරනවාද?.මගේ යෝජනාවනම් ඔබ උපයන දෙයින් අනිවාර්යයෙන්ම 10% අනාගත අවශ්‍යය තාවයට ඉතිරි කරන්න.
- කල්පනා ශක්තිය.
- ආත්ම දමනය. යම් යම් ප්‍රරිත්‍යාග කිරීමේ හැකියාව.
- ලබන වේතනයට වැඩියෙන් වැඩකිරීම. කිසිවිටක වැටුප පමණක් සලකා වැඩ නොකරන්න.
- පරාජයෙන් ප්‍රයෝජන ගැනීම. මෙය ඉතාමත් වැදගත් කරුනකි. සිතා බලන්න.
- අනුන්ගේ මත ඉවසීම. සාර්ථක පුද්ගලයෙකු වන ඔබ අනුන්ගේ මත ඉවසීම ඉතාම අවශ්‍යය.
Blogged with the Flock Browser
No comments:
Post a Comment