Thursday, August 28, 2008

ගව ඝාතනය හෙලා දකිමු

හිතවත් ශ්‍රී ලාංකික මිතුරනි,

මා මීට පෙර බොලොග් සටහනකිනුත් ඔබෙන් ඉල්ලා සිටි පරදි අප එකිනෙකාවත් සත්ව මාංශ ආහාරයට ගැනීමෙන් වැලකුනා නම් අප බෞද්ධ භූමිය තුල සිදුවන සත්ව ඝාතනය යම් මට්ටමකටවත් අඩුකරගැනීමට හැකිවේවි. පහත සදහන් සිද්දියද ඉතා මැතක සිදුවූ සත්‍ය සිදිදියක් ලෙස පෞද්ගලික රුපවාහිනී නාලිකාවක පෙන්වුවා. එහිදී සදහන් වු පරිදි අන්‍ය ආගමික යුවලකට සාස්තර කරුවෙකු කිවු අනාවැකියකට පිලියමක් සෙවිමට වැල්ලවත්තේ විජයාරාමාධිපති මාහිමිපාණන්ගෙන් ලද උපදෙසක් අනුව ගවයෙකු නිදහස් කිරීමට ගිය අවස්තාවක සිදුවූ සිදුවීමක්.

ස්වාම්න් වහන්සේ සමග ඝව ගාතකාගාරයට පැමින නිදහස් කිරීමට ගවයෙක් සොයන විට ස්වාමින් වහන්සේ ඇගිල්ල දික් කර මෙහි පෙනෙන ගවයා නිදහස් කරන ලෙස ඉල්ලා සිටි විගස ඌ ස්වාමින් වහන්සේ ඉදිරියට පැමිණ නමස්කාර කරන ආකාරයට ඇස් වල කදුලු පුරවා ගෙන සිටින අයුරු. මෙම දුර්ලබ ජායාරූපය ඔවුන් ඒ අවස්තාවේ කැමරාවට හසුකරගෙන ඇත.

මා මෙම පහත ජායාරූපය සහ විස්තරය උපුටා ගත්තේ මා‍‍ වෙත ලැබුනු ඊ මේලයකින්.


5 comments:

කාලිංග said...

මේක "ගව" පමන්ක් ද ? එතකොට අනිත් ස්ත්තු, ඒක පව් නැද්ද ? මොකද හරකා ලොකු නිසාද මේ පව් වැඩි ? කොයි සතා උනත් මරන එක වරදියි.

හෙලා දකිනවා නම් හැම සතුන්ම මැරීම ගෙලා දැකිය යුතුයි.

සිංහල සංවාද මණ්ඩපය said...

කාලිංග මහතානනි,
මෙම බොලග් එ‍කේ ගව ගාතනය හෙලාදකිමු යන සිරස්තලය යටතේ ලියු අතුරු සටහනට (comment)ස්තුතියි.
පුද්ගලිකව මමද සියළු සත්වයන් ඝාතනය කිරීම, හිංසනය,සියළු සත්ව මාංශ අනුබවයද පිලිකුල් කරමි.
විශේෂයෙන් මෙහි ගව ගාතනය හෙලාදකිමු ලෙස මා සදහන කලේ මෙම සිත් කම්පාකරවන සිද්ධිය හුවා දැක්වීමටත් ලංකාවේ වැඩි පිරිසක් විශෙෂයෙන් බෞද්ධයයි කියාගන්නා අය ගව මස් කෑමට කෑදර කමක් දක්වන නිසාත්ය.

කැමතිනම් මෙම සටහනත් කියවන්න
http://sanwadha.blogspot.com/2008/06/blog-post.html

පසන් හෙට්ටිආරච්චි (Pasan Hettiarachchi) said...

මේක "ගව" පමන්ක් ද ? එතකොට අනිත් ස්ත්තු, ඒක පව් නැද්ද ? මොකද හරකා ලොකු නිසාද මේ පව් වැඩි ? කොයි සතා උනත් මරන එක වරදියි.

ඇත්තටම සතා අනුව පව් වෙනස් වන්නේ නැත්ද? පව සාපේක්‍ෂද? නිරපේක්‍ෂද? ඔබ හිතා මතා මදුරුවෙක් මැරුවොත් ඔබට ඇතිවන හැඟීම මොකද්ද? ඔබ හිතා මතා හරකෙකු හෝ බල්ලෙකු මැරුවොත් ඔබට ඇතිවන හැඟීම මොකද්ද?

Anuradha Ratnaweera said...

ගවයන් මැරීම වැලැක්වීමට උන් "නිදහස්" කිරීම කෙතරම් සරු වැඩක් ද? මෙහිදී වෙන්නේ, ඌ මැරීමට ගෙන ආ වෙළෙන්දාට අදාල මුදල ගෙවීම නේ ද?

මස් කඩ හිමියෙකුට දිනකට හරක් 10 දෙනෙක් විකිණිය යුතු යයි සිතන්න. ඉන් එක් අයෙක් නිදහස් කළහොත්, ඔහු හරක් 9 දෙනකු පමණක් විකුණයි ද? නැති නම් තව හරකෙක් ගෙනවිත් දවසේ ඉල්ලුම කෙ සේ හෝ සපයයි ද? මා නම් සිතන්නේ, ඔහු හරක් 10 දෙනෙක් විකුණා, හරක් 11කගේ ආදායම ලබනු ඇති බව යි.

ඔබ කලින් ලියූ ලෙස, මෙය නැවැත්විය හැක්කේ මස් කෑම නැවැත්වීමෙන් මිස හරකුන් "නිදහස්" කිරීමෙන් නො වේ.

මරන්ට ගෙන ආ සතා දැකීමෙන් මට අනුකම්පාවක් ඇති නොවේ දැයි කෙනකු අසන්නට පිළිවන. ඇති නොවනවා නො වේ. පුද්ගලිකව, කුඩා කල සිට ම, බිත්තර හැර සතුන්ගෙන් ලැබෙන ආහාර ගැනීම නතර කළේ එ බැවිනි.

නමුත් මා හිතන්නේ බොදුනුවන්ගේ ඇති අනුකම්පාව යොදාගෙන, තවත් පිරිසක් මුදල් උපයා ගන්නා බව යි.

එ සේ ම, නිදහස් කරන ගවයන්ට කුමක් සිදු වේ ද? මුදල් ලබන වෙළෙන්දා සහ සංවිධායක වරු අතර කිසි ම සබැඳියාවක් නැති ද? එය ජාවාරමක් ලෙස සිදු නොවේ ද?

අද ස්වර්ණවාහිණියේ "මී හරකා" චිත්‍රපටය පෙන්වන ලදී. ගම් වල ඉන්නා අහිංසක නූගත් බොදුනුවන්ට මස් කෑම පමණක් නොව වෙනත් නොයෙක් දේ පටු ලාබ ලැබීමේ හා වෙනත් අරමුණු වෙනුවෙන් පටවන අයුරුත්, ඉන් අප සමාජය වෙනස් වන අයුරුත් මැනවින් පෙන්වන චිත්‍රපටයකි එය. සෑම බොදු වැඩිහිටියකු ම එය නැරඹිය යුතු බව මට දැන් සිතේ.

Ravi said...

මොකක්ද බන් මේ බෞද්දයින්ට හරක් එක්ක තියෙන පිස්සුව? සමහර බෞද්දයෝ කියනවා හරක් ඒගොල්ලන්ගේ දරුවොලු. සමහර උන් කියනවා හරක් ඒගොල්ලන්ගේ අම්මලු.

මන් අහගෙන බණ්ඩාරවෙල අමිතානන්ද හාමුරුවො කියනවා හරක් කන් උන්ට කිසිම
අනුකම්පාවක් නැහැලු, තිරිසන්නු කියල.
ඒ කියන්නේ සිංහල බෞද්දයෝ මිනිස්සුන්ව මනින්නේ හරක් මස් කන නොකන එක මත. පුදුමයි.

සිංහල බෞද්දයින්ට හොඳ මිනිස්සු කියන්නේ හරක් මස් කන්නේ නැති මිනිස්සු. නරක මිනිස්සු කියන්නේ හරක් මස් කන මිනිස්සු. හරක් මස් කන මිනිස්සුන්ට අනුකම්පාවක් නැහැ. නොකන මිනිස්සු මහා අනුකම්පා කාරයෝ. මාරයි.

බුද්ධ ධර්මය හා බුද්ධාගම - Budda Dharmaya or Buddagama

    පරම පවිත්‍ර බුද්ධ ධර්මය හා බුද්ධාගම නිවැරදිව අවබෝධකරගැනීමට කැමැති ඇත්තෝ පුජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් රචිත නවතම...