මේ සංසාර ගමන තුළ අපට නොයෙක් ලෝකවල ඉපදෙන්නට සිදු වෙනවා. තිරිසන් ලෝකය වැනි අපට පෙනෙන තැන්වලත්, එලෙසම ප්‍රේත ලෝකය, නිරය, දිව්‍ය ලෝක ආදී අපට නොපෙනෙන තැන්වලද ඉපදීමට සිදු වෙයි. මේවායින් නිරය වැනි සමහර ලෝක ඒකාන්තයෙන්ම දුක් සහිත බව බුදු හිමියන් පෙන්වා දී ඇත.
මේ සියලු ලෝකවල සත්ත්වයන්ට නැවත ඉපදීම තුළ බහුල වශයෙන්ම ලැබෙන්නේ
වයසට යාම
මරණය
සෝක කිරීම
වැළපීම
කායික දුක්
මානසික දුක්
සුසුම් හෙලීම
ප්‍රිය වස්තු සහ පුද්ගලයන්ගෙන් වෙන් වීම
අප්‍රිය වස්තුන් මෙන්ම පුද්ගලයින් හා එක් වීම
කැමති දේ නොලැබීම
වැනි දුක් 12ක් බව බුදු හිමියන් පෙන්වා දෙයි.
මිනිස් ලෝකයේ සැප දුක් මිශ්‍ර තත්ත්වයක් මතුවී පෙනුනත්, අප ජීවිත නිරන්තරයෙන්ම වෙනස්වන ස්වභාවයට පත්වෙයි. ඒ නිසාම දුක් සහිත වෙයි. එනිසා තමාට අවශ්‍ය ආකාරයට පැවැත්විය නොහැකි ස්වභාවයෙන් යුක්ත වෙයි.එනම් අනිත්‍ය,දුක්ඛ,අනාත්ම තත්වයයි.
මේ ලෝකයෙහි උපදින සෑම සත්ත්වයෙක්ම තෘෂ්ණාව නැති නො කළහොත් නැවත නැවත් උපදියි. නැවත නැවතත් මිය යයි. නැවත නැවත ඉපදි ඉපදී මිය යන ඔහු නැවත නැවත සසරට එකතු වෙයි. නුවණැති පුද්ගලයා නැවත නැවත ඉපදීමට හේතුව වන තෘෂ්ණාව නැති කරන මාර්ගය පිළිපැද, නිර්වාණයට පැමිණ නැවත නූපදී.බුදු හිමියන් එම මාර්ගය ඉතා පැහැද්ලිව පෙන්වා දී ඇත.
පුද්ගල සන්තානයේ ඇති ලෝභය, ද්වේශය, මෝහය වැනි අකුසල මූල ද කාලයාගේ ඇවෑමෙන් පුරුද්දක් වශයෙන් පහළ වීමට පටන් ගනී. මෙම පුරුදු නැති කර ගැනීමට ඊට පටහැනිව, දානය, මෛත්‍රීය, ප්‍රඥාව වැනි ගුණාංග චර්යාවට එකතු කර ගත යුතු ය. එසේ ලෝභාදී තෘෂ්ණා මූල ක්‍ෂය කර ගත හැකිනම් එය සසර කෙටි කර ගැනීමේ මාවතට ප්‍රවිෂ්ට වීමක් ලෙස සැලකිය හැකි ය.
No comments:
Post a Comment