ඔබ මස් මාලු ආහාරයට ගන්නට ඇලුම් කරනවාද?. තවත් සතෙකුගේ ජීවිතයක් ඔබට ආහාරයක් කරගන්නට සිතන්නේ ඇයි. ශ්‍රී ලාංකිකයන් ලෙස මස් මාංශ අනුභවයෙන් වලකිමු. තවත් සත්ව ජීවිතයක් බේරාගමු.
ඔබ දන්නවාද? . මොහොතකට කටට රස ගුණ ගෙන දුන්නත් විවිධ රෝගාබාධ මෙන්ම ආයුශද අඩුකරන මාංශ ආහාරයට ගැනීමෙන් වලකිමු.
මස් මාළු අනුභවය යනු
තවත් සත්වයෙකුගේ ජීව්තයක්................... විනාශ කර එම සතාගේ මල කුණ කෑමට ගැනීම නේද?.
කිසිම සතෙක් තම ජීවිතය විනාශ කිරීමට කැමතියයි ඔබ සිතනවාද. ඔබ ඔබේ ජීවිතය විනාශ කිරනවාට කැමතිද?
කිසිම සතෙකු කැමැත්තෙන් තවත් අයකුගේ ආහාරයක් වීමට කැමති වේවිද?.
ඔබ කොතරම් හොද දානපතියෙක් උවත් තවත් සතකුගේ ආහාරයකට ශරීර අවයවයක් පරිත්‍යාග කරන්නට ඔබ කැමතිද.
යමෙක් තමන් සහ තම දූදරුන් පොෂණය කිරීමට ලෙහෙසි ක්‍රමයක් ලෙස සත්ව මාංශ විකුණනවා විය හැකියි. ඒ තවත් රුකියාවක් උවත් සතකුගේ ජීවිතයක් නේද?.සමහර විට මස් මාංශ සදහා තිබෙන ඉල්ලුම ඔහුව එම රුකියාවට ඇද දැමුවා විය හැකියි. ඔහු ඔබගේ ඉල්ලුම වෙනුවෙන් මරණ හරකෙකු, කුකුලෙකු,ඌරෙකු,එළුවකූ විදින දුක මරණ බිය වේදනාව දැක තිබෙනවාද. ඔබට එය මිනිසෙකු ලෙස දකින්න පුලුවන්ද?. මාළුවකු දියෙන් ගොඩට ගෙන හුස්ම යන තුරු විදින දුක ඔබ දැක තිබෙනවාද?.
මස් මාංශ පෝෂණ ගුනයෙන් ඉහලයි කියා ඔබට උගන්වා ඇති. අර දැඩි වේදනාවක් විද මැරෙන සත්වයා ඒ වේලාවේ විදින දුක් වේදනාව සමග මුසුවූ ද්වේශය ඔබට පොෂණ ගුණයක් දෙවිද?. නැතිනමි සොයා ගන්නට නොහැකි ලෙඩ රොග ඇතිකරයිද?.
මම ඔබට යොජනාවක් කරන්නම්. ඔබ මස් මාංශ අනුභවයෙන් වලකින්නට අදිටන් කරගන්න. එවිට ඔබගෙන්වත් එක් ඉල්ලුමක් නැතිවේවි. තවත් සතකුගේ ජීවිතයක් බේරේවි.
මේ ඔබෙන් ජීවිතය යදින්නන්...............



2 comments:
සංවාදයක් ගොඩනගන්න. කරුණු කාරණා සහිතව ඔබගේ අදහස ඉදිරිපත් කරන්න.
ඔබ ඔබේ ජීවිතයට ආදරේ තරම්ම මෙලොව සියළු සතෙක්ම තම ජීවිතයට ආදරේ ඇති බව මදක් සිතන්න. අනෙක් කාරනාව ඇයි අපි මේ කුණු මසට මේ තරම් ගිජු.
Post a Comment