මා මීට පෙර බොලොග් සටහනකිනුත් ඔබෙන් ඉල්ලා සිටි පරදි අප එකිනෙකාවත් සත්ව මාංශ ආහාරයට ගැනීමෙන් වැලකුනා නම් අප බෞද්ධ භූමිය තුල සිදුවන සත්ව ඝාතනය යම් මට්ටමකටවත් අඩුකරගැනීමට හැකිවේවි. පහත සදහන් සිද්දියද ඉතා මැතක සිදුවූ සත්‍ය සිදිදියක් ලෙස පෞද්ගලික රුපවාහිනී නාලිකාවක පෙන්වුවා. එහිදී සදහන් වු පරිදි අන්‍ය ආගමික යුවලකට සාස්තර කරුවෙකු කිවු අනාවැකියකට පිලියමක් සෙවිමට වැල්ලවත්තේ විජයාරාමාධිපති මාහිමිපාණන්ගෙන් ලද උපදෙසක් අනුව ගවයෙකු නිදහස් කිරීමට ගිය අවස්තාවක සිදුවූ සිදුවීමක්.
ස්වාම්න් වහන්සේ සමග ඝව ගාතකාගාරයට පැමින නිදහස් කිරීමට ගවයෙක් සොයන විට ස්වාමින් වහන්සේ ඇගිල්ල දික් කර මෙහි පෙනෙන ගවයා නිදහස් කරන ලෙස ඉල්ලා සිටි විගස ඌ ස්වාමින් වහන්සේ ඉදිරියට පැමිණ නමස්කාර කරන ආකාරයට ඇස් වල කදුලු පුරවා ගෙන සිටින අයුරු. මෙම දුර්ලබ ජායාරූපය ඔවුන් ඒ අවස්තාවේ කැමරාවට හසුකරගෙන ඇත.
මා මෙම පහත ජායාරූපය සහ විස්තරය උපුටා ගත්තේ මා වෙත ලැබුනු ඊ මේලයකින්.
